ගීතයක වතගොත

Tuesday, March 15, 2016

සිහිනෙන් තැවරූ අංජන - එදවස සවනත වැකී මෙදවස මිළිණව ගිය හෙළ ගී මං සළකුණු - 1970


 හෙළයේ මහා ගාන්ධර්ව පන්ඩිත්   අමරදේවයන් ප්‍රණාම පූජා

-------------------------------------------------------------


බොදු වත්පිළිවෙත් දහම හී හැසිර ඊ මත පාදක වූ කවි ගී වෙනත් කලා නිර්මාණ රසවිඳීමේ භාග්‍යය ලත් මෙදිවි වැසියන්හට කවර කලෙක හෝ අල්ප නොවේ

එයිනුදු වඩාත් සුලභ මුලශ්‍රය බවට හැරුනේ බුදුන්වහන්සේගේ පූව_ ජන්ම විස්‌තර කෙරුණු ඇතැමිහු එදවස මෙහි හා භාරතයේ පැතිර පැවතුනා යෑයි අනුමාන කෙරෙන ජනකථා සංග්‍රහයක්‌ ලෙස හඳුන්වාගනු ලැබූ පූජනීය පන්සිය පණස්‌ ජාතකයයි

එයිනුදු චුල්ල ධනුද්දධර / චන්දකින්නර / වෙස්‌සන්තර කථා පාදක කොටගත් නෙක කලා නිර්මාණ කලින් කල බිහිවිය

ඒ අතර අපි කවියාණන් ඇසුරුකර ඇත්තේ එහි පැණුනු කවි ගී ලොවේ එතරමි කථාබහට ලක්‌ නොවුනු එහෙත් ඉහත කථාංගයන්ට දෙවනි නොවූ සුන්දර කථා පුවතකි

ඒ විධුර ජාතකයයි

මෙහි බෝසත් චරිතය විධුර පන්ඩිතයන් වූ අතර පූර්ණක්‌ යක්‌ සෙනවියාද හෙතම පියඹ එරන්දතී නමි නා මෙනෙවිය ද විය

හෙළ ජනප්‍රවාදයේ පැණෙන ඒදමිපතීන්ගේ පුත්‍රයාණෝ දැඩි නාමය දැරූ මාණවකයාණෝය

තවද එතුමෝ අඵත්නුවර දැඩිමුණ්‌ඩ දෙවියන් ලෙස අදද බොදුදන පුදපුජා ලබයි

69-70 වකවානුවේ එක්‌ දිනක තම ප්‍රිය බිරිඳගේ ගමි පියස වූ රඹුක්‌කන ප්‍රදේශයට පියමං කරන්නට සිදුවු අප කවියාණෝ එකළ බහුල දසුනක්‌ වූ කවිකොළ පොත් විකුණන්නෙක්‌ ඇස ගැටී පෙරළා අගනුවර කරා එන ගමනේ පරිශීලනය කරනු වස්‌ මිළදි ගනුලැබූ විධුර ජාතක පුස්‌තකයේ රසභාවයෙන් උදමිව තම සිත්තුළ ජනිත වූ නවමු සිතිවිළි වළා කැටි ඔස්‌සේ උපන් කවිරස මල් වරුසා රසිකයා වෙනුවෙන් පසුදිනක එදා ගුවනින් පතිත වූ අයුරින් බිඳකුදු නොවෙනස්‌ව අද රසික සවනට මෙසේ ගෙන එමි

තවද

අප කවියාණෝ උපුටා දක්‌වමින් සටහන් කළ යුත්තක්‌ නමි මෙයින් කියවෙන්නේ විධුර ජාතක කථා පුවතම නොවන වගයි එහෙත් එයින් ජනිත වූ කවි සිතිවිලි මාලාවකි

මේ නිර්මාණයේ ස්‌වර රටා ඇමිණුම මිට විසිවසරකට පෙරාතුව ඔබ මා අතරින් සමුගෙන ගිය ගුවන් විදුලියේ ප්‍රවිණ සංගීතවේදී වික්‌ටර් දඵගම විසින් කරනු ලැබ ඇත්තේ අතිශය සුන්දර ලෙසය ඊට ඔහු යොදා ඇති නාද මාලාව පදමලාවෙන් ජනනය වන අදහසට අතිශයෙන්ම ගැලපී යන බව වැටහෙනවා ඇත

මෙයින් මැවූ එරන්දතිය නිසැකයෙන් ම ඔබේ මනසේ මැවි මැවි පෙනෙනවා ඇත

ඒ කිම්ද ?



70 දශකය උදා විකාශනය එකළු කල හෙළ නාදමාලා කැටිව එදා ඇසුණු සුන්දර ගීපදවැල් ගොන්නක හිමිකරු වූ මෙs ජ්‍යෙෂ්ඨ පරිපාලකයාගේ නිසග ප්‍රතිභාවයයි ඒ

මුල් ගුවන් විදුලි තැටිගත කිරීම - 1970
----------------------------------
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැඵමි පෙරළා
පාද කිකිණි සොළවා
එරන්දතිය එනවා ..........
..........................
----------------------------------
ගේය පදරස කැලතීම- ප්‍රවිණ ගී පද රචක ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධාරී සුනිල් සරත් පෙරේරා

තනුව හා සංගීත අදියුරු රටා - ප්‍රවිණ සංගීතවේදී අභවප්ප්‍රාප්ත වික්‌ටර් දඵගම

ගායන ලීලා - පිලිපීනයේ රැමෝන් මැග්සාසෙයි හා භාරතයේ පද්ම ශ්‍රී අභිධාන සමිමානිත පන්ඩිත් අමරදේව හා සහය ශිල්පිනි (එවකට ආධුනික) අමිතා වැදිසිංහ දඵගම


--------------------------------
(මුලාශ්‍රය සුනිල් සරත් පෙරේරා මහතාණන් හා කරනු ලැබු දුරකථන සංවාදයකිනි)

අන්න බලන් සකි -  මෙන්න බලන් සකි  - රිය සක කැරකෙනවා


අප විවාපත් වන්නට පෙරාතුව හසුන් පත් හුවමාරුකර ගැනීම සිදුකළා

මට ලැබෙන හසුන් පත් ඇයගේ ගමිපියස ට ආසන්න තැපැල් කාර්යාලයය වන පින්නවල නමින් මුද්‍රාව තැබී ඇති බව මා දකිනවා

ඒ යුගයේ සම්බන්ධතා පවත්වා ගත හැකි එකම මාධ්යයය වුනේ එයයි

එහෙත් එහි අප කිසිවිටක අනුචිත ග්‍රම්‍ය කිසිවක් ලියා තැබුවේ නැහැ ඒවා අප සුරැකිව තබාගත්තේ මතුයමි දිනක අතීත සුන්දර මතක සැමරැමි ඒ ඔස්සේ දිගහැරිය හැකි නිසයි

ඒ යුගය අද යුගයේ ඒකී කාර්යය ඉටුකරගනු ලබන කෙටිපණිවිඩ ක්‍රමවේදය අහසට පොළොව වගෙයි

ඒ ගමිපියස එවක තරමක දුෂ්කර කඳු හෙල් සහිත පදෙසක පිහිටා තිබුනත් ඉතාම සුන්දරයි  ගී කවි සිතුවිලි පහළකරවන උල්පතක් බඳුයි

ඒ ලිපි බෙදූ තැපැල් මහතා තම රත් පැහැ  බයිසිකලය පැදගෙන යා හැකි තරමි දුරකට ගමන් කරනවා පසුව එය තල්ලුකරගෙන යන්නට ඔහුට සිදුවෙන්නේ ඉහත දුෂ්කර බව නිසාවෙන්

ප්‍රවාහන / පණිවිඩ හුවමාරු පහසුකමි දුර්වල එදා යුවතියක් දින ඇතැමි විට සති ගණනාවක් තිස්සේ මගබලා සිටින්නේ ඈත දුර රට වෙසෙන ස්‌වකීය ළබැඳියානන්ගෙන් හසුනක්‌ බලාපෙරොත්තුවෙන්

එය තමා වෙත රැගෙන එන්නා ඇය දකින්නේ කුමාරයෙක් වගෙයි

මේ සංසිද්ධිය පාදක කරගෙන මා සිතේ පහළ වූ අදහස් අනුව මේ ගීතය රචනා කරන්නට පෙළඹුනා

මට මතක ඇති විදියට ඒ වනවිට සනත් මල්කාන්ති දෙපොළ පවා විවහප්‍රාප්තව සිටියේ නැහැ

එවක ගුවන් විදුලියේ සංගීත පාලක පී ඩන්ස්ටන්ද සිල්වා මහතා ගේ අධික්ෂණය යටතේ දයාරත්න රණතුංගයන් විසින් කෙරුණු  සංගීතමය වැඩසටහනක් අරබයා මෙs ගීතය ඇය විසින් ගායනා කරනු ලැබූවක්

මෙs 70 දශකයේ මුල් කාලයේදී නිර්මාණය වූවක් බව කිව හැකියි


   ප්‍රවිණ ගීත රචක හිටපු පරිපාලන නිලධාරි  සුනිල් සරත් පෙරේරා

ගීතයේ යොමුව - සවන්දීම